Sunday, June 2, 2019

මම පරීක්ෂණ කරගෙන ගියා.රාජ්‍ය බුද්ධි සේවය මට ඒවා නවත්වන්න කිවා – හිටපු පොලිස්පති ජනාධිපතිවරයාට චෝදනා කරමින් කියයි

පාස්කු ප්‍රහාරය සම්භන්දයෙන් ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්යය නිවාඩු යැවීම මුල් තැනක් ගනු ලබයි.ඒ කෙසේ වෙතත් පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර තිබේ.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පිටු 20කින් සමන්විත බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ අතර සන්නිවේදනය බිඳ වැටී ඇති බවත් පෙත්සමේ සඳහන් කරුනු උපුටා දක්වමින් ඒ.එෆ්.පී. පුවත්සේවය සඳහන් කරයි.
ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තමන් කරගෙන ගිය පරීක්ෂණ නවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවය තමන්ට අණකළ බවද ඔහු සිය පෙත්සමෙන් දන්වා තිබේ

ආචාර්ය සෆීගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්රේෂ්ඨාධිකරණයට


කුරුණෑගල රෝහලේ වෛද්ය අබේදීන් සෆී මහතා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වේ.
 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කුරුණෑගල කොට්ඨාශ භාර නියෝජ්ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට නියෝග කර තිබේ

seeduwa sakura wellawa mp3 part 01